මේ සඳහා සිද්ධි අධ්‍යයන (Case Studies) පදනම් කරගත් ව්‍යාපෘති සලකා බැලෙන අතර එහි ඇගයීම් කටයුතු කොටස් දෙකකින් යුක්තව සිදු කෙරේ. ඒ අනුව ඩිප්ලෝමා අපේක්ෂයා, තම පර්යේෂණය පිළිබඳව වචන 2000ක පමණ වාර්තාවක් දෙමළ භාෂාවෙන් සකස් කළ යුතු අතර ඒ සඳහා ලකුණු 80% ක් හිමිවේ. ඒ හැරුණු විට ව්‍යාපෘතිය පිළිබඳව ශිෂ්‍යයා සම්ප්‍රවේශනයක් (Presentation) සිදු කළ යුතු අතර ඒ සඳහා හිමිවන ලකුණු ප්‍රමාණය 20% කි. ව්‍යාපෘතිය සඳහා අවැසි නියැදිය ශිෂ්‍යයාට ස්ව අභිමතය පරිදි තෝරාගත හැකිය. එසේ තෝරාගත් නියැදිය පාදක කොට ගනිමින් සිදු කෙරෙන අධ්‍යයනයේදී අප විසින් ලබාදෙනු ලබන නිර්ණායක මත පදනම්ව කටයුතු කිරීම අවශ්‍ය වේ. ව්‍යාපෘති මාර්ගෝපදේශනය යටතේ අපේක්ෂකයා විසින් සිදු කරනු ලබන ව්‍යාපෘතිය සඳහා අදාළ ශාස්ත්‍රීය අධ්‍යයන ක්‍රම හා රචනා විධික්‍රම පිළිබඳ මග පෙන්වීම අප විසින් සිදු කරනු ලැබේ.