සුභාෂා - සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය 2023
සුභාෂා 2023 තරගාවලියේ අවසන් තරග වටය ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තිය සංවර්ධන මධය්ස්ථානයේ දී (CDEPD) 2023 මැයි මස 03 වන බදාදා දින පස්වරු 12.00 සිට 1.00 දක්වා පැවැත්වේ.
සිංහල ව්‍යාකරණය පිළිබඳ විශේෂ දේශනය 2023.02.17 දින ප.ව 5.00 සිට ශ්‍රී සුමංගල සභාසදයේ දී...
තරග ස්වභාවය හා කොන්දේසි
මූලික සුදුසුකම්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයෙහි ඉගෙනුම ලබන අභ්‍යන්තර විද්‍යාර්ථියකු වීම.
තරගාවලිය සඳහා ලියාපදිංචිය
මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ ශාස්ත්‍රවේදී විශේෂ හා සාමාන්‍ය උපාධි හදාරන පළමු වසර, දෙවන වසර, තෙවන වසර හා සිවුවන වසර සියලු විද්‍යාර්ථීන්ට මාර්ගගතව (ලියාපදිංචිය සඳහා අවැසි අයදුම්පත සහිත සබැඳිය (Link) ඩිජිටල් අධ්‍යාපන වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථාන වෙබ් අඩවියෙහි පළ කරනු ලැබේ) තරගාවලිය සඳහා ලියාපදිංචි විය හැකිය.
පෙරහුරු ප්‍රශ්න පත්‍ර
තරගය සඳහා ලියාපදිංචි වූ විද්‍යාර්ථීන්ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයෙහි ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය හරහා ආදර්ශ පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලබා ගත හැකිය.
ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය
බහුවරණ ප්‍රශ්න පනහක් (50)ක් අන්තර්ගත ප්‍රශ්න පත්‍රයක් සඳහා තරගකරුවන් මුහුණ දිය යුතුය. පහත සඳහන් ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සකස් කරනු ලබන ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයීමට පැයක කාලයක් හිමි වේ.
- අක්ෂර වින්‍යාසය
- පද සාධනය
- උක්තාඛ්‍යාත පද සම්බන්ධය
- විරාමාදී ලක්ෂණ භාවිතය
- පද බෙදීම
- සන්ධි හා සමාස භාවිතය
- සමාන පද, විරුද්ධ පද භාවිතය
- බහු අර්ථ පද හා තනි පද භාවිතය
- විභක්ති
- අර්ථාවබෝධය
තරගය පවත්වන ආකාරය
පළමු තරග වටය
තරගය සඳහා ලියාපදිංචි වන සියලු විද්‍යාර්ථීන්හට සිංහල භාෂා අභියෝග්‍යතාවට අදාළ පැයක (01) බහුවරණ ප්‍රශ්න පත්‍රයක් මාර්ගගත(Online) ක්‍රමයෙන් ලබා දෙනු ලැබේ. එම ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු ලබා ගන්නා ප්‍රමුඛතාව මත ලියාපදිංචි වන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 50% ක ප්‍රමාණයක් පළමු වටයෙන් තෝරා ගනු ලැබේ.
2023 මාර්තු 02 (ප.ව. 3.00 - 4.00)
දෙවන තරග වටය
පළමු වටයෙන් තේරී පත් වන විද්‍යාර්ථීන් සඳහා නැවත පැයක (01) බහුවරණ ප්‍රශ්න පත්‍රයක් මාර්ගගත (Online) ක්‍රමයෙන් ලබා දෙන අතර එමගින් ලකුණු ලබා ගන්නා ප්‍රමුඛතාව මත ශිෂ්‍යයෝ පනස් දෙනෙක් (50) අවසන් වටය සඳහා සුදුසුකම් ලබති.
2023 අප්‍රේල් මස 28 (ප.ව. 12.00 - 1.00)
අවසන් තරග වටය
අවසන් වටය සඳහා තේරී පත් වන විද්‍යාර්ථීන් පනස් දෙනා (50) සඳහා නැවත වරක් පැයක (01) බහුවරණ ප්‍රශ්න පත්‍රයක් මාර්ගගත (Online) ක්‍රමයෙන් ලබා දෙනු ලැබේ.
2023 මැයි මස 03 (ප.ව. 12.00 - 1.00)
ජයග්‍රාහකයන් තෝරා ගැනීම
අවසාන තරග වටය සඳහා තේරී පත් වන විද්‍යාර්ථීන් අතුරින් ඉහළම ලකුණු ලබා ගන්නා පිළිවෙළ මත ජයග්‍රාහකයන් තිදෙනා නම් කෙරේ.
ත්‍යාග හා සහතිකපත්
අවසන් වටය සඳහා තේරී පත් වන විද්‍යාර්ථීන් අතුරින් ඉහළම ලකුණු ලබා ගන්නා විද්‍යාර්ථීන් 50 දෙනා සඳහා සහතික පත්‍ර ප්රදානය කෙරේ. අවසන් වටයෙන් තේරී පත් වන ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ලබාගන්නා ජයග්‍රාහකයන් තිදෙනා සඳහා වටිනා ත්‍යාග සහ සහතික පත්‍ර ප්රදානය කෙරේ.
පෙරහුරු පරීක්ෂණ
පළමු පෙරහුරු පරීක්ෂණය
2023 පෙබරවාරි මස 21 වැනි අඟහරුවාදා දින ප.ව. 12.00 සිට ප.ව. 1.00 දක්වා පහත බොත්තම භාවිතයෙන් පරීක්ෂණයට ඇතුළු විය හැකිය. තරගාවලිය සඳහා ලියාපදිංචි වූ සිසුන් සඳහා පමණක් මෙය විවෘතය.
සුභාෂා 2023 – පළමු පෙරහුරු පරීක්ෂණයදෙවන පෙරහුරු පරීක්ෂණය
2023 අප්‍රේල් මස 28 වන සිකුරාදා දින ප.ව. 12.00 සිට පහත බොත්තම භාවිතයෙන් දෙවන පරීක්ෂණයට ඇතුළු විය හැකිය. තරගාවලිය සඳහා ලියාපදිංචි වූ සිසුන් සඳහා පමණක් මෙය විවෘතය.
සුභාෂා 2023 – දෙවන පෙරහුරු පරීක්ෂණය