MIC2021 – Practice Papers

අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සඳහා ඇති පුහුණු ප්‍රශ්න පත්‍ර

දෙවන වටයෙන් අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ තරඟකරුවන් හට ඔක්තෝම්බර් 28 වන බ්‍රහස්පතින්දා උදෑසන 8:00 සිට 29 වන සිකුරාදා රාත්‍රී 12:00 දක්වා ලබා දී ඇති පුහුණු ප්‍රශ්න පත්‍ර සදහා පෙනී සිටිය හැක.

දෙවන වටය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සඳහා ඇති පුහුණු ප්‍රශ්න පත්‍ර

පලමු වටයෙන් දෙවන වටය සඳහා සුදුසුකම් ලැබූ තරඟකරුවන් හට ඔක්තෝම්බර් 25 වන සදුදා උදෑසන 8:00 සිට 26 වන අඟහරුවාදා රාත්‍රී 12:00 දක්වා ලබා දී ඇති පුහුණු ප්‍රශ්න පත්‍ර සදහා පෙනී සිටිය හැක.

පසුගිය පුහුණු ප්‍රශ්න පත්‍ර

පුහුණු ප්‍රශ්න පත්‍ර සඳහා තරගාවලියට ලියාපදිංචියෙන් අනතුරුව ඔබට සතියකට වරක් සහභාගී විය හැකි අතර CDEPD වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවකාශ සලසා ගත හැකිය.

පුහුණු ප්‍රශ්න පත්‍ර සතියේ දින පහේම (සදුදා සිට සිකුරාදා දක්වා) පෙ.ව. 8:00 සිට රාත්‍රී 12:00 දක්වා විවෘතව පවතී.

ඒ ඒ සතියට අදාළ ජයග්‍රාහී ශිෂ්‍ය ලේඛනය සෙනසුරාදා CDEPD වෙබ් අඩවියෙහි පළ කරන අතර පසුව අදාළ සතියෙහි ඉහළම ලකුණු ලබාගත් ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව IQ Star of the Week ලෙස නම් කර පීඨ වෙබ් අඩවියෙහි ප්‍රදර්ශනය කරනු ලැබේ. පෙරහුරු වීම සදහා, පහත බොත්තම භාවිතා කර IQ Star of the week යටතේ ඇති ප්‍රශ්ණ පත්‍ර සදහා මුහුන දිය හැකිය.

Translate (පරිවර්තනය සඳහා)