සුභාෂා - සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය 2021
ජයග්‍රාහකයින්
තරග ස්වභාවය හා කොන්දේසි
මූලික සුදුසුකම්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයෙහි ඉගෙනුම ලබන අභ්‍යන්තර විද්‍යාර්ථියකු වීම.
තරගාවලිය සඳහා ලියාපදිංචිය
මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ ශාස්ත්‍රවේදී විශේෂ හා සාමාන්‍ය උපාධි හදාරන පළමු වසර, දෙවන වසර, තෙවන වසර හා සිවුවන වසර සියලු විද්‍යාර්ථීන්ට මාර්ගගතව (ලියාපදිංචිය සඳහා අවැසි අයදුම්පත සහිත ලින්කුව (Link) ඩිජිටල් අධ්‍යාපන වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථාන වෙබ් අඩවියෙහි පළ කරනු ලැබේ) තරගාවලිය සඳහා ලියාපදිංචි විය හැකිය.
පෙරහුරු ප්‍රශ්න පත්‍ර
තරගය සඳහා ලියාපදිංචි වූ විද්‍යාර්ථීන්ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයෙහි ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය හරහා ආදර්ශ පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලබා ගත හැකිය.
ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය
බහුවරණ ප්‍රශ්න පනහක් (50)ක් අන්තර්ගත ප්‍රශ්න පත්‍රයක් සඳහා තරගකරුවන් මුහුණ දිය යුතුය. පහත සඳහන් ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සකස් කරනු ලබන ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයීමට පැයක කාලයක් හිමි වේ.
- අක්ෂර වින්‍යාසය
- පද සාධනය
- උක්තාඛ්‍යාත පද සම්බන්ධය
- විරාමාදී ලක්ෂණ භාවිතය
- පද බෙදීම
- සන්ධි හා සමාස භාවිතය
- සමාන පද, විරුද්ධ පද භාවිතය
- බහු අර්ථ පද හා තනි පද භාවිතය
- විභක්ති
- අර්ථාවබෝධය