sibhasha-logo

සුභාෂා - සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය 2021

ජයග්‍රාහකයින්

තරග ස්වභාවය හා කොන්දේසි

මූලික සුදුසුකම්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයෙහි ඉගෙනුම ලබන අභ්‍යන්තර විද්‍යාර්ථියකු වීම.

තරගාවලිය සඳහා ලියාපදිංචිය

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ශාස්ත්‍රවේදී විශේෂ හා සාමාන්‍ය උපාධි හදාරන පළමු වසර, දෙවන වසර, තෙවන වසර හා සිවුවන වසර සියලු විද්‍යාර්ථීන්ට මාර්ගගතව (ලියාපදිංචිය සඳහා අවැසි අයදුම්පත සහිත ලින්කුව (Link) ඩිජිටල් අධ්‍යාපන වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථාන වෙබ් අඩවියෙහි පළ කරනු ලැබේ) තරගාවලිය සඳහා ලියාපදිංචි විය හැකිය.

පෙරහුරු ප්‍රශ්න පත්‍ර

තරගය සඳහා ලියාපදිංචි වූ විද්‍යාර්ථීන්ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයෙහි ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය හරහා ආදර්ශ පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලබා ගත හැකිය.

ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය

බහුවරණ ප්‍රශ්න පනහක් (50)ක් අන්තර්ගත ප්‍රශ්න පත්‍රයක් සඳහා තරගකරුවන් මුහුණ දිය යුතුය. පහත සඳහන් ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සකස් කරනු ලබන ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයීමට පැයක කාලයක් හිමි වේ.

තරගය පවත්වන ආකාරය

පළමු තරග වටය

තරගය සඳහා ලියාපදිංචි වන සියලු විද්‍යාර්ථීන්හට සිංහල භාෂා අභියෝග්‍යතාවට අදාළ පැයක (01) බහුවරණ ප්‍රශ්න පත්‍රයක් මාර්ගගත(Online) ක්‍රමයෙන් ලබා දෙනු ලැබේ. එම ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු ලබා ගන්නා ප්‍රමුඛතාව මත ලියාපදිංචි වන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 50% ක ප්‍රමාණයක් පළමු වටයෙන් තෝරා ගනු ලැබේ.

දිනය: 2021 ජූනි 28

දෙවන තරග වටය

පළමු වටයෙන් තේරී පත් වන විද්‍යාර්ථීන් සඳහා නැවත පැයක (01) බහුවරණ ප්‍රශ්න පත්‍රයක් මාර්ගගත (Online) ක්‍රමයෙන් ලබා දෙන අතර එමගින් ලකුණු ලබා ගන්නා ප්‍රමුඛතාව මත ශිෂ්‍යයෝ පනස් දෙනෙක් (50) අවසන් වටය සඳහා සුදුසුකම් ලබති.

දිනය: 2021 ජූලි 01

අවසන් තරග වටය

අවසන් වටය සඳහා තේරී පත් වන විද්‍යාර්ථීන් පනස් දෙනා (50) සඳහා නැවත වරක් පැයක (01) බහුවරණ ප්‍රශ්න පත්‍රයක් මාර්ගගත (Online) ක්‍රමයෙන් ලබා දෙනු ලැබේ.

දිනය: 2021 ජූලි 05

ජයග්‍රාහකයන් තෝරා ගැනීම

අවසාන තරග වටය සඳහා තේරී පත් වන විද්‍යාර්ථීන් අතුරින් ඉහළම ලකුණු ලබා ගන්නා පිළිවෙළ මත ජයග්‍රාහකයන් තිදෙනා නම් කෙරේ.

ත්‍යාග හා සහතිකපත්

අවසන් වටය සඳහා තේරී පත් වන සියලු විද්‍යාර්ථීන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කෙරේ.

අවසන් වටය සඳහා තේරී පත් වන විද්‍යාර්ථීන්ට පහත ත්‍යාග පිරිනැමේ.

- සිවුවන ස්ථානයේ සිට හතළිස්වන ස්ථානය දක්වා - ශ්‍රී සුමංගල ශබ්දකෝෂය - ප්‍රථම හා ද්විතීය වෙළුම්

- හතළිස්වන ස්ථානයේ සිට පනස්වන ස්ථානය දක්වා - විශ්වවිද්‍යාලයීය 60 වැනි සංවත්සරය නිමිත්තෙන් ප්‍රකාශයට පත් කළ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පර්යේෂණ වාක්කෝෂය - පළමු වෙළුම

ජයග්‍රාහකයන් සඳහා

පළමු ස්ථානය - ටැබ්ලොයිඩ් පරිගණකයක් හෝ රු. 60,000.00ක මුදල් ත්‍යාගයක් සමග සිංහල සාහිත්‍ය වංශය හා ශ්‍රී සුමංගල ශබ්දකෝෂය (ප්‍රථම හා ද්විතීය වෙළුම්)

දෙවන ස්ථානය - ජංගම දූරකථනයක් හෝ රු. 30,000.00ක මුදල් ත්‍යාගයක් සමග සිංහල සාහිත්‍ය වංශය හා ශ්‍රී සුමංගල ශබ්දකෝෂය (ප්‍රථම හා ද්විතීය වෙළුම්)

තෙවන ස්ථානය - ජංගම දූරකථනයක් හෝ රු. 30,000.00ක මුදල් ත්‍යාගයක් සමග ශ්‍රී සුමංගල ශබ්දකෝෂය (ප්‍රථම හා ද්විතීය වෙළුම්)

පෙරහුරු පරීක්ෂණ

පළමු පෙරහුරු පරීක්ෂණය

2021 මැයි මස 10 වැනි සඳුදා දින පෙ.ව. 9.00 සිට පහත බොත්තම භාවිතයෙන් පරීක්ෂණයට ඇතුළු විය හැකිය. තරගාවලිය සඳහා ලියාපදිංචි වූ සිසුන් සඳහා පමණක් මෙය විවෘතය.
මෙම පරීක්ෂණය නැවතත් 2021 මැයි මස 21 වන දින සිට මැයි මස 23 වන දින පෙරවරු 9:00 දක්වා විවෘතව පවතී.

දෙවන පෙරහුරු පරීක්ෂණය

2021 මැයි මස 15 වැනි සෙනසුරාදා දින පෙ.ව. 9.00 සිට පහත බොත්තම භාවිතයෙන් දෙවන පරීක්ෂණයට ඇතුළු විය හැකිය. තරගාවලිය සඳහා ලියාපදිංචි වූ සිසුන් සඳහා පමණක් මෙය විවෘතය.

තෙවන පෙරහුරු පරීක්ෂණය

2021 ජූනි මස 25 වැනි සිකුරාදා දින ප.ව. 2.00 සිට 27 වැනි ඉරිදා දින ප.ව. 12.00 දක්වා පහත බොත්තම භාවිතයෙන් තෙවන පරීක්ෂණයට ඇතුළු විය හැකිය. තරගාවලිය සඳහා ලියාපදිංචි වූ සිසුන් සඳහා පමණක් මෙය විවෘතය.

පූර්ව පරිශීලන ආධාරක දේශන

ගැලරිය

Translate (පරිවර්තනය සඳහා)