Congratulations!
MIC 2021 Winners
  • තරඟ වට
  • තරඟ වට පිළිබඳ විස්තර
  • තරඟ විස්තර
  • පෙරහුරු ප්‍රශ්නපත්‍ර
  • ගැලරිය

MIC 2021 හි පලමු ප්‍රශ්න පත්‍රය. මෙහි සියලුම තරඟ කොන්දේසි "තරඟ වට පිළිබඳ විස්තර" සහ "තරඟ විස්තර" යන කොටස් දෙකට පිවිසීම මගින් දැනගත හැකිය.

තරඟයෙහි අවසන් වටය 2021 ඔක්තෝම්බර් මස 30 වන දින දහවල් 12ට ආරම්භ වේ. ඔබට තරඟය ආරම්භ කල හැක්කේ දහවල් 12:00 සිට 12:15 දක්වා පමණි.

අවසන් වටය

දෙවන වටය

අවසන් වටය සඳහා තේරී පත්වුනු සිසුන්ගේ නාමලේඛනය පහතින් ලබාගන්න.

තරඟයෙහි දෙවන වටය 2021 ඔක්තෝම්බර් මස 27 වන දින දහවල් 12ට ආරම්භ වේ. ඔබට තරඟය ආරම්භ කල හැක්කේ දහවල් 12:00 සිට 12:15 දක්වා පමණි.

පලමු වටය

දෙවන වටය සඳහා තේරී පත්වුනු සිසුන්ගේ නාමලේඛනය පහතින් ලබාගන්න.

තරඟය 2021 ඔක්තෝම්බර් මස 23 වන දින දහවල් 12ට ආරම්භ වේ.

තරඟයට පිවිසීමේදී ARxxxxx (උදා: AR12345) ආකෘතිය පමණක් භාවිතා කරන්න. නැතහොත් ඔබට තරඟයට පිවිසිය නොහැක. මෙම තරඟය MIC සදහා ලියාපදිංචි වූ සිසුන්ට පමණි.

පළමු වටය

පලමු වටය සියලුම විද්‍යාර්ථීන්ට විවෘත අතර, 2021 ඔක්තෝම්බර් මස 23 දින පස්වරු 12:00 පැවැත්වීමට නියමිතය. මෙම වටය අවසානයේ, සෑම අධ්‍යයනාංශයකින්ම වැඩිම ලකුනු ලබාගත් 10 දෙනා දෙවන වටය සදහා තෝරාගන්නා අතර, එසේ නැතිවුවහොත් එම අධ්‍යයනාංශය පලමු තරග වටයෙන් ඉවත් වේ.

දෙවන වටය

දෙවන තරඟ වටය2021 ඔක්තෝම්බර් මස 27 වන දින පස්වරු 12:00 ට පැවැත්වෙන අතර ඒ සදහා සහභාගි විය හැකි වන්නේ පලමු වටයෙන් තෝරාගනු ලැබූ විද්‍යාර්ථීන්ට පමනි. මෙම වටය අවසානයේ අවසන් තරඟ වටය සුදුසුකම් ලබන අධ්‍යනාංශ 8 දැනුම් දෙනු ලැබේ.

අවසන් වටය

අවසන් තරඟ වටය 2021 ඔක්තෝම්බර් මස 30 වන දින පස්වරු 12:00 ට පැවැත්වෙන අතර ඒ සදහා සහභාගි විය හැකි වන්නේ දෙවන වටයෙන් තෝරාගනු ලැබූ විද්‍යාර්ථීන්ට පමනි.

සැලකිය යුතුය: වඩාත් සාධාරන ප්‍රවේශයක් ලබා දීම උදෙසා ඉහත වගන්ති පහත පරිදි සංශෝධනය කරන ලදී. අධීක්ෂණ මණ්ඩලය තීරණය කරනු ලබන තීරක අගයකින් ඉහල ලකුනු ලබා ගන්නා සෑම විද්‍යාර්ථයෙකුම ඉදිරි වට සදහා තෝරාගනු ලැබේ.

MIC 2021, තරඟ වට 03 කින් සමන්විත අතර, සෑම වටයකදීම පැයක ප්‍රශ්න පත්‍රයක් මාර්ගගත (Online) ක්‍රමයට ලබාදෙනු ලැබේ.

පළමු තරඟ වටය - 2021 ඔක්තෝම්බර් මස 23 දින ද,
දෙවන තරඟ වටය - 2021 ඔක්තෝම්බර් මස 27 දින ද,
අවසන් තරඟ වටය - 2021 ඔක්තෝම්බර් මස 30 දින ද, පැවැත්වේ.

අවසන් වටයෙන් ජය ගන්නා ජයග්‍රාහකයින්ට

ප්‍රථම ස්ථානයට - ලැප්ටොප් පරිඝණකයක් හෝ රු. 100,000.00
දෙවන ස්ථානයට - ටැබ් පරිඝණකයක් හෝ රු. 60,000.00
තෙවන ස්ථානයට - ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ රු. 40,000.00

හොඳම අධ්‍යනාංශ කණ්ඩායම් තුන සඳහා කුසලාන පිරිනැමේ.
දෙවන වටය සඳහා තේර්‍ර් පත්වන සියලුම තරඟකරුවන්ට සහතික පත් පිරිනමනු ලැබේ.

අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සඳහා ඇති පුහුණු ප්‍රශ්න පත්‍ර

දෙවන වටයෙන් අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ තරඟකරුවන් හට ඔක්තෝම්බර් 28 වන බ්‍රහස්පතින්දා උදෑසන 8:00 සිට 29 වන සිකුරාදා රාත්‍රී 12:00 දක්වා ලබා දී ඇති පුහුණු ප්‍රශ්න පත්‍ර සදහා පෙනී සිටිය හැක.

දෙවන වටය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සඳහා ඇති පුහුණු ප්‍රශ්න පත්‍ර

පලමු වටයෙන් දෙවන වටය සඳහා සුදුසුකම් ලැබූ තරඟකරුවන් හට ඔක්තෝම්බර් 25 වන සදුදා උදෑසන 8:00 සිට 26 වන අඟහරුවාදා රාත්‍රී 12:00 දක්වා ලබා දී ඇති පුහුණු ප්‍රශ්න පත්‍ර සදහා පෙනී සිටිය හැක.

පසුගිය පුහුණු ප්‍රශ්න පත්‍ර

පුහුණු ප්‍රශ්න පත්‍ර සඳහා තරගාවලියට ලියාපදිංචියෙන් අනතුරුව ඔබට සතියකට වරක් සහභාගී විය හැකි අතර CDEPD වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවකාශ සලසා ගත හැකිය.

පුහුණු ප්‍රශ්න පත්‍ර සතියේ දින පහේම (සදුදා සිට සිකුරාදා දක්වා) පෙ.ව. 8:00 සිට රාත්‍රී 12:00 දක්වා විවෘතව පවතී.

ඒ ඒ සතියට අදාළ ජයග්‍රාහී ශිෂ්‍ය ලේඛනය සෙනසුරාදා CDEPD වෙබ් අඩවියෙහි පළ කරන අතර පසුව අදාළ සතියෙහි ඉහළම ලකුණු ලබාගත් ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව IQ Star of the Week ලෙස නම් කර පීඨ වෙබ් අඩවියෙහි ප්‍රදර්ශනය කරනු ලැබේ. පෙරහුරු වීම සදහා, පහත බොත්තම භාවිතා කර IQ Star of the week යටතේ ඇති ප්‍රශ්ණ පත්‍ර සදහා මුහුන දිය හැකිය.

Translate (පරිවර්තනය සඳහා)